කාන්තාවන්ට එරෙහි විෂමාචාර ක්‍රියා නතර කළ යුතුයි!

කාන්තාවන්ට එරෙහි විෂමාචාර ක්‍රියා නතර කළ යුතුයි!

ආයතනයේ කාන්තාවන්ට සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මඩකලපුවේ  වෙසෙන එස්. උබධාරණි  (22) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

කිරාන්,පාසල් වීදියේ පදිංචි ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ තමන් සේවය කරන ආයතනයේ විමර්ශන  නිලධාරියාට එරෙහිවය.

නිදහසේ වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, පාරේ ගමන් කරන විට ගමනට බාධා කරමින් තර්ජන කරන බවත්, තම රාජකාරියට බාධා කරන බවත් සඳහන් කරන ඇය මෙම මානව හිමිකම් කඩවීමේ සිද්දිය පසුගිය වසරේ සිදු වූ බවත් පවසයි.

මෙම පැමිණිල්ල හරහා ඇය ඉල්ලා ඇත්තේ නිදහසේ වැඩ කිරීමට සුදුසු පියවර ගෙන කාන්තාවන්ට එරෙහිව සිදු කරන හිංසන වැළැක්විය යුතු බවයි.

ඇය තවදුරටත් ඉල්ලා සිටින්නේ සේවා ස්ථානවල කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හා අඩන්තේට්ටම් නතර කළ යුතු බවත් ගැටලුව කුමක් වුවද ප්‍රචණ්ඩත්වයකින් තොරව ඒවා විසඳීමට පියවර ගත යුතු බවත් ය.

උබධාරණි ඉල්ලයි

This post is also available in: English தமிழ்