මාධ්‍ය නිදහසට බලපෑම්!

මාධ්‍ය නිදහසට බලපෑම්!

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පැවති උත්සවයක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදි තමාට බාධා කළ බව පවසමින් වවුනියාවේ මාධ්‍යවේදී කේ.ගෝකිලන් මහතා (38) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

ඉකුත් 2022 මාර්තු 8 වැනි දින ඔහු මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිවය. මාධ්‍ය නිදහස උල්ලංඝණය කරමින් දේශපාලන හේතූන් මත මානව හිමිකම් කඩවීමක් සිදුවූ බවත් ඔහු එහි සඳහන් කර ඇත.

ඔහු එම පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘වව්නියාව කච්චන් සමනංකුලම් හි පුරාවිද්‍යාව හා සම්බන්ධ පුවත් රැස් කිරීමට ගිය අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තමාට බාධා කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද කෞතුක භාණ්ඩ රූගත කිරීම තහනම් කළ බවත්, ප්‍රතිසංස්කරණය නොකළ කෞතුක භාණ්ඩ රූගත කිරීමට කෙටි වෙලානක් පමණක් ලබා දුන් බවය. මේ පිළිබඳව සේවා ස්ථානයට තොරතුරු ලබා දීම නිසා ඉහළ බවධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් වු බව ද ඔහු පවසයි.

කෞතුක භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට ජනතාව දැනුම්වත් කළ යුතු බවත්, ඒවා විනාශ නොවී රෑක ගැනීමට පියවර ගත යුතු බවත් ඔහු මෙම පැමිණිල්ල හරහා මානව හිමිකම් කොමිසමට ආයාචනා කර ඇත.

මාධ්‍යවේදී ගෝකිලන්

This post is also available in: English தமிழ்