යහ පාලනය

ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සහතිකකර ගනු පිණිස හා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත්කර ගනු පිණිස පුරවැසියන් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවශ්‍ය ය.
පුරවැසි සභාවල යහ පාලන අනුකමිටුවල කාර්ය භාරය පහත සඳහන් පරිදි ය:

  1. ජනතාවට සේවය කරන ආයතනවල නිදසුන් ලෙස පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම්, පවුල් සෞඛ්‍ය සේවාව, ග‍්‍රාම නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, වතු අධිකාරී, ධීවර සමාජ, ස්තී‍්‍ර සංවිධාන, මරණාධාර සමිති, ති‍්‍රරෝද රථ සංගම්, ආගමික සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පළාත් පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව යන ඒවායේ කාර්ය භාරය පිළිබඳව තොරතුරු සැපයීම.
  2. මෙම ආයතන ප‍්‍රශ්න කිරීමට තිබෙන ඔහුගේ/ඇයගේ අයිතිය පිළිබඳව  පුරවැසියාට අධ්‍යාපනය දීම.
  3. මේවායේ සේවා සැපයුමේ දී කළ හැකි විවිධ වැඩි දියුණු කිරීම් පිළිබඳව සාකච්ඡුාවකට මුල පිරීම හා අවශ්‍ය ආරම්භය ගැනීම ය.

This post is also available in: English தமிழ்