අලුත් ව්‍යවස්ථාවක අභියෝග

අලුත් ව්‍යවස්ථාවක අභියෝග රටක මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික පදනම පරමාධිපත්‍ය බලය වේ. පරමාධිපත්‍ය බලයේ උල්පත වන්නේ ජනතාව ය. මේ අනුව රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය මෙන්ම ප්‍රතිසංස්කරණයන් ද පදනම් විය යුතු වන්නේ රටේ පුළුල් ජනතා අභිලාශයන් මත ය. මෑත දී මෙරට දියත් කෙරුණු පුරවැසි අරගලය මගින් ඉල්ලා සිටියේ රට තුළ සිදුවිය යුතු පුළුල් සමාජ – දේශපාලන ප්‍රතිසංස්කරණයන් දාමයකි. මෙම ඉල්ලීම් ඉටුකිරීම සදහා සිදුකල යුතු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ දී මුලික කරගත යුතු සමාජ – දේශපාලන ප්‍රතිපත්තීන්, ව්‍යවස්ථා මූලධර්මයන් හා එහිදී අනුගමනය කල යුතු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් අවබෝධකර ගැනීම කේන්ද්‍රීය මෙන්ම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බව අපගේ තේරුම් ගැනිම වේ. රටේ පොදු ජතික අවශ්‍යතාවක් වූ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් පිළිබද ඉල්ලීම ඵල ගැන්විමේ දී එම ක්‍රියාවලිය ජනතා අභිලාශයන් පුළුල්ව හා ගැබුරින් අවබෝධකර ගැනීමට ඵලදායී දායකත්වයක් ලබාදීමේ අරමුණින් අප ආරම්භ කරනු ලබන “පුරවැසි හඬ” මුලින්ම ජනතා නියෝජිතයින්ගේ හඬට සවන් දීමට ගත් ප්‍රයත්නයක් ලෙස මෙම වැඩ සටහන ඔබ වෙත ගෙන එන්නෙමු.

අලුත් ව්‍යවස්ථාවක අභියෝග – PDF සඳහා පිවිසෙන්න

This post is also available in: English தமிழ்