මව් භාෂාවෙන් නිල රිසිට්පත් දෙන්න!

මව් භාෂාවෙන් නිල රිසිට්පත් දෙන්න!

මඩකලපුවේ රවී ඩෙනිස් බ්‍රැන්සන් තම සහෝදරිය වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් කියා සිටින්නේ මව් භාෂාවෙන් සන්නිවේදන නොකිරීම සහ රිසිට්පත් දෙමළ භාෂාවෙන් නිකුත් නොකිරීම මානව හිමිකම් දැඩි ලෙස කඩකිරීමක් බව යි.

2022 මාර්තු 14 වැනිදා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

මඩකලපුව, මුරක්කොට්ටන්චේන, ශාස්තිරියර් පාරේ යන ලිපිනටයහි පදිංචි ඔහු මෙම පැමිණිල්ලක් කර ඇත්තේ රථවාහන පොලිසියට සහ මහජන බැංකුවට එරෙහිවය.

පසුගිය පෙබරවාරි 10 වැනිදා තම සහෝදරිය මුහුණ දුන් සිද්ධිය සහ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ දී මුහුණ දුන් දුෂ්කරතාව ඩෙනිස් මහකා විසින් මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු කරනු ලැබ ඇත.

ඔහු සිය පැමිණිල්ලෙහි,

‘යතුරුපැදියක් වේගයෙන් පැදවු බවට සහ දුරකථනයෙන් කතා කරමින් එය පැදවු බවට චෝදනා පත්‍රයක් භාර දුන්නා. නමුත් එහි සිංහල භාෂාවෙන් පමණක් ලියා තිබීම සහ සිංහල භාෂාවෙන් වරද පැහැදිලි කර දීම නිසා නිසි අවබෝධයක් නැතිව ‍වරද කුමක්ද සහ දඩය කොපමණ දැයි දැන ගැනීමට අපහසු වූ අතර භාෂා අයිතිය මුළුමණින්ම   බලපෑමට ලක්ව ඇති බව වැටහුණා’.

එවගෙම, මහජන බැංකු ශාඛාවේ උකස් ශාඛාවේ සේවය කරන නිලධාරියාද සිංහල කතා කරන අයෙකු වීම නිසා  සන්නිවේදනය කරගන්න අපහසු වුනා. අපගේ භාෂාවෙන් කථා කරලා අවශ්‍ය දේ කරන්න බැරි වුනා.

මෙම සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස මාර්ගයෙත් බැංකුවේත් මානව හිමිකම් කඩවු බව පවසන ඔහු, ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස මිතුරන් ද, ලේඛන සාක්ෂි ලෙස දඩ කොලය ද තවන් සතු බව සඳහන් කළේය.

භාෂා අයිතිය පිළිබඳ ගැටළුව කවුරුත් සලකන්නේ සාමාන්‍ය දෙයක් ලෙසයි. එම නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දැඩි දුෂ්කරතා මධ්‍යයේ රාජයේ සේවාවන් ලබාගැනීමට සිදුව ඇත් බවද ඔහු පෙන්වා දුන්නේය.

රාජයේ සේවාවන් ලබා ගැනීමේදී ඊට අදාළ ඕනෑම පෝරමයක් හෝ රිසිට්පතක් තම මව් භාෂාවෙන් ලබා ගැනීමේ පහසුකම ඇත්නම් ජනතාවට කිසිදු කරදරයකින් තොරව එම සේවාවන් ලබාගත හැකිය. නමුත් අවාසනාවන්ත ලෙස දෙමළ භාෂාව නිසිලෙස ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම නිසා රට පුරා සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අතර නිසි සේවාවක් ලබා ගැනීමට නොහැකිව සිටිති. එය අවබෝධ කර ගනිමින්, මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කර අවම වශයෙන් මහජනතාවට නිකුත් කරන පෝරම, රිසිට්පත් සහ ලේඛන ඔවුන්ගේ මව් භාෂාවෙන් ලබා දෙන ලෙස ඔහු මෙම පැමිණිල්ල හරහා ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා මානව හිමිකම් කොමිසම රජයට බලපෑම් කළ යුතු බවද ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

මඩකලපුව රවී ඩෙනිස්

This post is also available in: English தமிழ்