විශේෂ අවශ්‍යතා ඇති අයට පිහිට වන්න!

විශේෂ අවශ්‍යතා ඇති අයට පිහිට වන්න!

මාධ්‍යවේදිනී කේ. ප්‍රියා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කරමින් ඉල්ලා සිටින්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන්ගේ ජීවනෝපාය වෙනුවෙන් සහයෝගය දීමට පියවර ගන්නා ලෙසයි.

මන්නාරම, පෙරියමඩු හි පදිංචි කේ. ප්‍රියා (42) ශ්‍රී ලංකාවේ හමුදාවට සහ සමාජ සේවා අමාත්‍යාංශය ට එරෙහිව ඉකුත් 2022 මාර්තු 6 වෙනිදා එම පැමිණිල්ල සිදුකර ඇත.

ඇය තවදුරටත් ඉල්ලා සිටින්නේ, ජනතාවගේ ජීවනෝපාය සරි කර ගැනීම සඳහා සම්පත්වලින් අනූන වැව් සහ ගොඩ ඉඩම් නිදහස් කර, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් මෙන්ම සෙසු අයට ද තමන්ගේ අවශ්‍යතා සපුරාගත හැකි අයුරින් පහසුකම් සැලසිය යුතු බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම පිරිසගේ මිනිසගේ මානව හිහිකම් කඩ වෙමින් තිබෙන බව හෙළිදරව් කරන ඇය සන්නාර්, ඊච්චලවක්කෛ සහ මන්නාරම දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල මානව හිහිකම් කඩවීමේ සිද්ධි වාර්තා වූ බව ද, ඒවාට අදාළ සාක්ෂි ජනතාව සතු බව ද අවධාරණය කළා ය.

තමන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ පසු වැවෙන් කොටසක් පමණක් නිදහස් කර ඇති බවත් පෙන්වා දෙන ප්‍රියා, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ආර්ථික අවශ්‍යතා සම්පූර්ණ කරමින් සෙසු අය මෙන් ජීවත් වීමට ඔවුන්ට ද මග සලසා දිය යුතු බව කියා සිටියා ය.

විශේෂයෙන්ම යුද්ධයෙන් පසු උතුර සහ නැගෙනහිර ජීවත්වන විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. මොවුන් ද සමාජයේ කොටස්කරුවන් බවට පත්ව ඇත්තේ යුද්ධයේ කුරිරු බව පසක් කරමිනි. එම නිසා, කණගාටුවට කරුණ වන්නේ එවැනි පිරිසක් අමතක කොට සංවර්ධන සැලසුම් සම්පාදනය කිරීම යි.

සමාජ යහපත උදෙසා වැඩ කළ යුතු සමාජ සේවා අමාත්‍යාංශය මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින හමුදාව මෙම කරුණ සම්බන්ධයෙන් පෙන්නුම් කරන වගකීම් විරහිතභාවය අනුමත කළ හැක්කක් නොවේ. එබැවින්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට පියවර ගැනීම සහ ඉඩම් වැව් ආදිය නිදහස් කිරීමේ වගකීමෙන් ඈත්වී සිටීමට ඉහත කී දෙපාර්ශවයට නොහැකි බව පෙන්වා දී ඇත.

කේ. ප්‍රියා – ජනමාධ්‍යවේදිනී

This post is also available in: English தமிழ்