නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා මා ප්‍රහාරයට ලක් වුනා!

නීතිවිරෝධී ක්‍රියා හෙළිකිරීම නිසා මා ප්‍රහාරයට ලක් වුනා!

ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා මාධ්‍ය තුළින් හෙළි කිරීම නිසා පහර කෑමට ලක් වු තමන් ඒ පිළිබඳව අඩම්පන් පොලිසියට පැමිණිලි කර ඇතත් ඔවුන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව පවසමින් මන්නාරම, පෙරියමඩු, ඊච්චලවක්කෛ, පළමු පටුමග යන ලිපිනයෙහි පදිංචි මාධ්‍යෙව්දි ඒ. මයුකරන් මහතා පසුගිය 2022 මාර්තු 7 වන දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්, වැලි ගොඩදැමීම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුවත් අණාවරනය කිරීම නිසා, එවැනි සිද්ධීන්වලට සම්බන්ධ ඇතැමුන් විසින් සංවිධානාත්මකව මාධ්‍යවේදී මයුකරන්ට පහර දෙන ලදී. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළද මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත. තම බිරිඳ ඇසින් දුටු සාක්ෂිකාරිය යැයි සඳහන් කරන ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන සිය අප්‍රසාදය පළ කළේය.

මාධ්‍ය මගින් නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කරන විට, ඹවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පොලිසියට පහසු කටයුත්තක් වන නමුත් මේ සිද්ධියේදී පොලිසිය මාධ්‍යවේදින් සමඟ එක් වී කටයුතු කිරීමෙන් වැළකි ඔවුන්ට එරෙහිව සිට ගැනීම තුළින් ඹවුන් පක්ෂග්‍රාහීව වැඩ කරන බව සනාථ වන්නේ ය. මෙය ඉතා ගැටලු සහගත තත්ත්වයක් බව මහු පවසයි.

ආරක්‍ෂක අංශ ක්‍රියා කළ යුත්තේ නීතිවිරෝධී ක්‍රියා හෙළි කරන මාධ්‍යවේදීන් සහ මහජනතාව වෙනුවෙනි. එය යුක්ති යුක්න ය. නමුත් මෙම සිද්ධියේ දී පොලිසිය පක්ෂග්‍රාහිව කටයුතු කිරීම විවිධ ප්‍රශ්න මතු කරයි.

නිදහස් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන ලෙස මයුකරන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. නීතිවිරෝධී ක්‍රියා හෙළි කිරීමේදී මාධ්‍යවේදීන් දැඩි තර්ජනවලට හා ජීවිත අනතුරුවලට ද මුහුණ දෙන අතර එය ඹවුන්ගේ  පවුල් ජීවිතයට ද බලපාන්නේ ය.

මයුකරන් ප්‍රහාරයට ලකිවීම සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් නීතිමය පියවර නොගෙන සිටීම නීතිවිරෝධී ක්‍රියාවල නිරතවන්න හට මහත් ජවයක් ගෙන දෙන අතර ඔවුන්ගේ නීතිවිරෝධී කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට වැඩි ඉඩක් ද වෙන් කරයි. එමගින් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමට පෙළඹීමක් ලැබෙන අතර, සමාජයට වැරදි පූර්වාදර්ශයක් සපයන මෙවැනි සිද්ධීන් ගැන ආරක්ෂක අංශවල අවධානය යොමු නොවන්නේ ඇයි? පියවර නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ මාධ්‍යවේදීන්ට මුහුණ දීමටත් සිදුවන අනතුරුවල අඩුවක් නොවන බවද?

මයුකරන් ප්‍රහාරයට ලකිවීම සම්බන්ධයෙන් නිසි පිටවර ගැනීමට අපොහොසත් වීම නිසා නැවතත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳට ප්‍රශ්න මතු වී ඇත. එම සිද්ධියට ඔහුගේ බිරිඳ සාක්ෂිකාරියක ලෙස දැක්වීමෙන් ඔහුගේ පවුල ද මෙම නීති විරෝධී කල්ලියේ තර්ජනවලට ලක් වීමට ඉඩ ඇත.

මාධ්‍යවේදී ඒ. මයුකරන්

This post is also available in: English தமிழ்