සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට අවසර දෙන්න!

සංවර්ධන කමිටු රැස්වීම් ආවරණය කිරීමට අවසර දෙන්න!

මාධ්‍යවේදී ලක්ෂ්මනන් දේව අදිරන් මහතා (42) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් (DDLC) ආවරණය කිරීමට කටයුතු සම්පාදනය කර දෙන ලෙසයි.

සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ආවරණය කිරීමට ලබාදී තිබූ අවසරය දැනට තහනම් කර ඇති තත්ත්වටක් තුළ මඩකලපුව, කල්ලඩි, පරණ කල්මුණේ පාර 6/8 දරන ලිපිනයෙහි පදිංචි නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ප්‍රධානියා විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රජය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එරෙහිව ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. රජයේ චක්‍රලේඛය නිකුත් කළ 2021 මානව හිමිකම් උල්ලංඝන වසර ලෙස නම් කරන අදිරන් මහතා ඊට හේතුව පරිපාලන දුර්වලතා බවද පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දීම තුළින් ජනතාවගේ ඉල්ලීම් ගැන බාහිර ලෝකයා දැනුම්වත් කිරීමට අවස්ථාවක් සලසා දිය යුතු බව ඔහු ඉල්ලා සිටී.

මාධ්‍යවේදී දේව අදිරන්

This post is also available in: English தமிழ்

More News

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධ...

Read More

ප්‍රදේශයේ සීමා නිර්ණය නිසා මානව හිමිකම් කඩවීම් සිදුවෙලා!

ප්‍රදේශයේ සීමා නිර්ණය නිසා මානව හිම...

Read More

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න!

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න! මන...

Read More