පොලිස් වාර්තා  සිංහල හා දෙමල භාෂාවලින් ලබා දෙන්න!

පොලිස් වාර්තා  සිංහල හා දෙමල භාෂාවලින් ලබා දෙන්න!

තිරිකුණාමලයේ ලිංග ගහර් හි වෙසෙන ලෝජිනි (42) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් කියා සිටින්නේ පොලිස් වාර්තා දමිළ භාෂාවෙන් ලබා දෙන ලෙසයි.  

ලිංග නහර, 1 වැනි පටුමග අංක 1414 හි පදිංචිව ඇය මෙම පැමිණිල්ල කර ඇත්තේ  පීඩාවට පත් වෙනුවෙනි.

ඇය මෙසේ පැමිණිලි කර ඇත්තේ තිරිකුණාමලය පොලිස් මූලස්ථානය සහ නිලාවලි, චීනකුඩා, උප්පුවේලි යන පොලිස් ස්ථානවලට එරෙහිවය.

මෙම මානව හිමිකම් කඩකිරීමට හේතුව පරිපාලන දුර්වලතා සහ භාෂා ගැ‍ටලු බවද ඇය පෙන්වා දී ඇත.

මෙයට සාක්ෂි වශයෙන් පොලිස් වාර්තා තිබෙන බව අවධාරණය කරන ඇය ඉල්ලා සිටින්නේ, පැමිණිලි කරන භාෂාවෙන්ම වාර්තා ලබා දිය යුතු බවයි.

තවද, දිවුනු පරිපාලන ක්‍රමයේ අංගයක් වශයෙන් භාෂා දෙකෙන්ම වාර්තා ලබා දීම සඳහා පොලිසියට උපදෙස් ලබාදිය යුතු බව අවධාරණ‍ය කරන ඇය, තම භාෂාවෙන් පොලිස් වාර්තා සහ රාජ්‍ය ලේඛන ලබා ගැනීමට සියලු දෙනා සතු අයිතිය තවමත් උල්ලංඝනය වෙමින් තිබීම ඉතා කණගාටුවට කරුණක් බව ද පැවසුවා ය.

ලිංග නහර් ලොජිනි ඉල්ලයි

This post is also available in: English தமிழ்

More News

බැංකු කළමනාකරුගේ අඩන්තේට්ටම් !

බැංකු කළමනාකරුගේ අඩන්තේට්ටම් ! බැංක...

Read More

REGULATIONS OF RIGHT TO INFORMATION ACT, No. 12 OF 2016

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවා...

Read More

භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝනය වේ!

භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝ...

Read More