මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න!

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න!

මන්නාරම, අගත්තිමරිප්පු, අලකට්ටු ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් විසඳුමකට එළැඹීමට අසමත් වීම සහ ඊට අදාළ නඩුව අවසන් නොවීමේ තත්ත්වයක් තුළ එම කරුණු මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානයට යොමු කරනු පිණිස මන්නාරම, මුසලි, පොට්කේණි, අගත්තිමුරිප්පු යන ලිපිනයෙහි පදිංචි මාධ්‍යවේදී ඒ. ඇම්. රිෂාන් මහතා ඉකුත් 2022 මාර්තු මස 6 වෙනිදා පැමිණිලි  කර ඇත.

ඔහු එම පැමිණිල්ල සිදුකර ඇත්තේ සිලාවතුර, මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් ඇම්. රාජිව් මහතා, ප්‍රාදේශීය සභාවේ සභාපති අලිගත් සුෆිහාන් මහතා සහ එහි ලේකම් මස්ජිදුල් හෛයිරාත් යන අයට එරෙහිව ය. මෙම අර්බුදයට හේතුවී ඇත්තේ පරිපාලනමය දුර්වලතා බවද එහි සඳහන්.

අගත්තිමරිප්පු, අලකට්ටු ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් 2013 දී, මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් කච්චේරි පවත්වා LDO බලපත්‍ර ලබා දී ඇත. කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ ජීවත්වන යම් පිරිසක් මැදිහත් වී මහජනතාවට එම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් ද එය ප්‍රතික්ෂේප කරමින් සිටී, 2020.11.27 වන දින ඉඩම් පිබුරුපත අනුව ජනතාව ඉඩම් එළිපෙහෙළි කරමින් සිටියදී පල්ලිය නියෝජනය කරන යම් පිරිසක් ඔවුන්ට කඩු ප්‍රහාරයක් එල්ල කර පොලු මුගුරුවලින් ද පහර දී ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇතැයි ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ. මානව හිමිකම් උල්ලංඝනය වු 2020.11.27 වැනි දින අදාළ නඩුව ගොනු කර තිබේ.

මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂි කරුවන් වශයෙන් මහජනතාව සිටින බවත්, ලේඛන සාක්ෂි වශයෙන් පොලිසියට කර ඇති පැමිණිල්ල, නඩුව හා සම්බන්ධ ලේඛන, ලිපි සහ සිද්ධියට අදාළ වෙනත් ලේඛන පිළිබඳ විස්තර ද පැමිණිල්ලෙහි සඳහන් කොට ඇති අතර මන්නාරම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ වත්මන් තත්වය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් එහි දැක්වේ.

රිෂාන් මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ ජනතාවට ඉඩම් ලැබිය යුතු බවත්, LDO බලපත්‍ර සහිත ඉඩම්වල ඔවුන්ගේ ජීවිකාව පවත්වාගෙන යාමට අවසර දිය යුතු බවත් ය.

මාධ්‍යවේදී රිෂාන් මහතා මෙම ගැටළුව මානවහිමිකම් කොමිෂන් සභාවේ අවධානයට පත්‍ර කොට ඇත්තේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙනි.

– මාධ්‍යවේදී ඒග ඇම්. රිෂාන්

 

This post is also available in: English தமிழ்

More News

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධ...

Read More

මැතිවරණ ක්‍රමයේත් වෙනසක් අවශ්‍යයි

  මැතිවරණ ක්‍රමයේත් වෙනසක් අවශ්...

Read More

පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමනාකරු!

පක්ෂග්‍රාහීව හැසිරෙන සමෘද්ධි කළමන...

Read More

භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝනය වේ!

භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝ...

Read More