මාධ්‍යවේදීන්ගේ නිදහසට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන උප්පුවේලී පොලිසිය!

මාධ්‍යවේදීන්ගේ නිදහසට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන උප්පුවේලී පොලිසිය!

ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරනු ලැබ චූදිතයකු බවට පත් කිරීමෙන්, තමාගේ මානව හිමිකම් කඩවු බව මාධ්‍යවේදී අලියාර් මොහොමඩ් හීත් මහතා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් කියා සිටී.  

ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ උප්පුවේලි පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීති රීතිවලට යටත්ව, 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාටව අනුව මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට නිදහස හිමි මාධ්‍යවේදියෙකු වන තමාට විරුද්ධව පොලිසි‍ය අපරාධ නීතිය යටතේ නඩු පැවරීමෙන් මාධ්‍ය නිදහස උල්ලංඝණය කර ඇති බව ඔහුගේ පැමිණිල්ලෙහි සඳහන්.

තිරිකුණාමලය, සාරධා පාර, අංක 26/1 යන ලිපිනයේ පදිංචිව හීත් මහතා රජයේ නීති රීතිවලට යටත්ව ලියාපදිංචි කර ඇති හිරු පුවත්, ස්වර්ණවාහිනී, දෙරණ සහ සුප්‍රීම් ඩී.වී. යන මාධ්‍ය ආයතනවලට අනුබද්ධව සේවය කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

‘තිරිකූණාමලය උප්පුවේලි පොලිසියේ කැඳවීම මත පසුගිය 2021- 08- 05 දින කටඋත්තරයක් දීමට ගිය අවස්ථාවේ දී, පසුගිය ජුනි මාසයේ සිදු කළ වාර්තාකරණයක් සම්බන්ධයෙන් පොලිසිය අපරාධ නීතිය යට‍තේ නඩු  (BR/629/01/PC/21) පවරා මා චූදිතයෙක් කර තිබුණා. එවගේම තිරිකුණාමලයේ පදිංචි මාධ්‍යවේදියෙකු වු එස්.හයක්කිරිවන් යන අය මෙවැනිම නඩුවක් සම්බන්ධයෙන් පසුගිය 2021-25-08 දින පොලිස් අත්අඩංගුවට පත්වීම ‍ගෙන මං ඉන්නෙ බයෙන්.’

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට මාධ්‍ය නිදහසට තර්ජනයක් වී තිබෙන මෙවැනි කටයුතු පාලනය කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

මාධ්‍යවේදී අලියාර් මොහොමඩ් හීත්

This post is also available in: English தமிழ்