බැංකු කළමනාකරුගේ අඩන්තේට්ටම් !

බැංකු කළමනාකරුගේ අඩන්තේට්ටම් !

බැංකු කළමනාකරු තමන්ට අඩන්තේට්ටම් කරන බව පවසමින් මඩකලපුවේ වෙසෙන රාජේෂ්වරන් යශෝ (30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

ඇය මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ වව්නතිව් මහජන බැංකුවේ කළමනාකරුට එරෙහිවය.

යශෝ පවසන්නේ තමන් අවශ්‍යතා ඉටුකරගන්න බැංකුවට ගිය විට බැංකු කළමනාකරු තමන්ට අඩන්තේට්ටම් කරමින් නින්දා සහගත වචන ද භාවිත කරන බවයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙසේ හැසිරෙන බවත්, එම නිසා බැංකුවේ දී නිදහසේ වැඩක් කිරීමට නොහැකි බවත් ඇය පෙන්වා දෙයි.

බිය නිසා මෙවැනි කරුණු සමාජයට හෙළි කිරීමට ඉදිරිපත් නොවූ බව ඊච්චතිව්, නාවට්නාඩු යන ලිපිනයේ පදිංචි යශෝ වැඩිදුරටත් සඳහන් කළා ය.

මේ තත්ත්වය වෙනස් විය යුතු බවත්, නිදහසේ වැඩත් කිරීමට හැකි පරිසරයක් නිර්මානය කරන දෙන ලෙසත් ඇය  ඉල්ලා සිටියා ය.

මඩකලපුව යශෝ

This post is also available in: English தமிழ்