ආරක්ෂක අංශ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිවිල් සංවිධාන මර්දනය කරයි!

ආරක්ෂක අංශ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිවිල් සංවිධාන මර්දනය කරයි!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් සිවිල් සංවිධාන මර්දනය කිරීම නිසා ජනතාවට සේවය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පවසමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජේ.යට්සන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මන්නාරම බටහිර, පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචිව යට්සන් මහතා කියා සිටියේ මෙම මර්දනකාරී පිළිවෙත සම්බන්ධයෙන් තමන් අවස්ථා ගනණාවකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ නමුත් මානව හිමිකම් කොමිසම කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. එබැවින්, ඔහුට අනුව මෙය මානව හිමිකම් කොමිසමට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලකි.

ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ කොළඹ සහ මන්නාරම, වවුනියාවේ පිහි‍ටි ප්‍රාදේශීය මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලවලට එරෙහිව ය.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්න සහ ඉඩම් ප්‍රශ්න වැනි ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කරන මන්නාරමේ පිහිටි තම සංවිධානයට එරෙහිව සැලසුම් සහගතව මර්දනය දියත් කර ඇති බවත්, තර්ජන එල්ල වන බවත් ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමට අයිතියක් ඇති බව පවසමින් තමාව අවස්ඝා ගණනාවකදි සිව්වන මහලට රැගෙන ගොස් පැය ගණන් ප්‍රශ්න කළ බවත්, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක තම සංවිධානය ලියාපදිංචි කරන ලෙස දිගින් දිගටම විවිධ බලපෑම් කරන බවත් යට්සන් මහතා  තවදුරටත් පැවසීය.

සිවිල් සමාජය වෙනුවෙන් ක්‍රියා කරන මෙවැනි සංවිධාන තර්ජනය කොට අඩපණ කිරීමට උත්සාහ දැරීම හිතකර තත්ත්වයක් නොවන බව පවසන ඔහු තම සංවිධානය පමණක් නොව උතුරු නැඟෙනහිර ක්‍රියාත්මකවන රාජ්‍ය නොවන සංවිධාන ද පොදුවේ මෙවැනි තර්ජන ගර්ජන හා ගැටලුවලට මුහුණ දෙන බව අවධාරණය කළේ ය. මෙම මර්දනකාරි වැඩපිළිවෙළ දිනෙන් දින ඉහළ යමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, මූල්‍ය තොරතුරු පිළිබඳව නිතර විමසීම්, අරමුදල් ලැබෙන ආකාරය තීව්‍ර ලෙස පරීක්‍ෂා කිරීම, නැවත නැවතත් කාර්යාලය සෝදිය‍ට ලක් කිරීම වැනි අත්තනෝමකික ක්‍රියාවල ආරක්ෂක අංශ නිරක වන පවසන යට්සන් මහතා තම සංවිධානයට කිසිඳු චෝදනාවක් නොමැති තත්ත්වයක් තුළ වුව ද, පරීක්ෂණ සඳහා 4 වන මහලට කැඳවීම සහ ප්‍රශ්න කරන මුවාවෙන් පැය ගණන් ‍රඳවා ගැනීත සාමාන්‍ය සිද්ධි බවට පක්ව ඇතැයි ද පැවසුවේ ය.

එබැනික් ඔහු ඉල්ලා සිටින්නේ මානව හිමිකම් කොමිසම මැදිහත් වී නිසි පියවර ගන්නා ලෙස. මෙම මර්දනකාරී ක්‍රියා හේතුවෙන් තම කාර්යයන් ඉටු කිරීම අපහසු වී බවත්, වැඩ කිරීමට යහපත් මානසිකත්වයක් නොමැති වීම සහ පවුල් අයගේ ආරක්ෂාව පිළිබඳ බිය වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇතැයි ද ඔහු පවසයි.

මානව හිමිකම් කොමිෂන් සභාව හැර අනෙකුත් තානාපති කාර්යාල සහ මානව හිමිකම් සංවිධාන කිහිපයක් ද මේ පිළිබඳව දැනුම්වත් කළද මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් යට්සන් මහතා  කනස්සල්ල පළ කළේය. මෙවැනි තොරතුරු ලබා ගන්නා ආයතන ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග හෝ විසඳුම් ඉදිරිපත් නොකිරීම පිළිබඳවද සිය අප්‍රසාදය පළ කිරීමට මහු අමතක කළේ නැත.

යට්සන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ මෙවැනි සිවිල් සංවිධානවලට එරෙහිව සිදුවන සිවිල් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි.

යට්සන් – සිවිල් සමාජ ක්‍රියාකාරි

This post is also available in: English தமிழ்