ජාති භේදයකින් තොරව ජල පහසුකම් ලබාදෙන්න!

ජාති භේදයකින් තොරව ජල පහසුකම් ලබාදෙන්න!

මූලික අවශ්‍යතාවලින් එකක් වන ජලය ලබා නොදීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට මඩකලපුවේ පී.ඩෙලිනා (18) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත්ත කරන්නේ මඩකලපුව රණමඩු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනි.

මඩකලපුව, තාණ්ඩවෙලි, මායිම් පාර දකුණ, අංක 15 දරන ලිපිනයෙහි පදිංචි ඩෙලිනා මූලික අවශ්‍යතාවක් වන ජලය නොමැතිව ජනතාව ඇඩි අපහසුතාවට මුහුණ දී ඇති බව පවසමින් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඇය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

‘ජලය මිනිසාට අවශ්‍ය දෙයක්. සෑම කෙනෙකුටම ජලය ලබා ගැනීමට අයිතියක් ඇත. එම අයිතිය කිසිවකුටත් උදුරා ගන්න බැහැ. අවට වෙසෙන සිංහල ජනතාවට ජල සැපයුම ලබා දී ඇති නමුත්, දෙමළ අය ජීවත්වන ගම්වලට ජලය ලබා දිය නොහැකි තරමටම වාර්ගික වෙනස්කොට සැලකීම ඉහවහ ගොසින්.’

ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, රණමඩු ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් ජලය ලබා දී ඔවුන් මුහුණ දෙන ගැටලුවට විසඳුමක් ලබාදීමට මානව හිමිකම් කොමිසම මැදිහත් විය යුතු බවයි.

ඩෙලිනා තවත් පැමිණිල්ලක් කරමින් කියා සිටින්නේ වැසි කාලයට ජලය රැඳීමෙන් මාර්ගයේ මදුරුවන් බෝවීම වැඩි නිසා මඩකලපුව මහ නගර සභාව ජලය බැස යාමට කටයුතු කළ යුතු බවයි. වැසි සමය අවසන් වී ආසන්න වශනේ මාස 4ක් දක්වා මෙම ගැටලුව බවතින බව ඇය පෙන්වා දී ඇත.

මඩකලපුවේ‍ ඩෙලිනා

This post is also available in: English தமிழ்

More News

සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ගේ ජීවනෝපායට බාධා!

සුළං විදුලි කුළුණු හේතුවෙන් ධීවරයන්ග...

Read More

හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දිගට තර්ජනයට ලක්වීම!

හිටපු කැරලි කරුවෙක් වීමෙන් දිගින් දි...

Read More

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න!

මහජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගන්න! මන...

Read More