ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන්!

ජනතාවට ගරු නොකරන පොලිසිය සහ නිලධාරීන්!

මඩකලපුවේ පදංචි පී.මේගලනාදන් මහතා (37) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ පොලිස් ස්ථානවල ජනතාව ජාතිය, භාෂාව සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන වෙනස්කොට සැලකීමට ලක්වන බවයි.

ඔහු මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ පොලිසිය සහ පොලිස් බලධාරීන්ට එරෙහිවය.

පොලිසිවල ජනතාවට හරියට සලකන්නේ නැහැ; දෙමළ භෂාවෙන් කතා කරන්නෙ නැහැ; නුසුදුසු වචන පාවිච්චි කරනවා; ජනතාව රස්තියාදු කරනවා. එවගේම ස්ත්‍රී පුරුෂ භේදය මත වෙනස්කොට සලකන බවත් ඔහු පවසයි.

මඩකලපුව, පාලෛයඩිතෝනි, ජීවපුරම්  හි වෙසෙන ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම මානව හිමිකම් කඩවීම් දිගින් දිගටම සිදුවන බවයි.

ඔහු සිය පැමිණිල්ලෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු බවත් සහ ඔවුන්ගේ අයිතිය සුරක්ෂි විය යුතු බවත් ය.

මේගලනාදන් – මඩකලපුව

This post is also available in: English தமிழ்

More News

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!...

Read More

අරගලයට කොටු වෙලා ව්‍යවස්ථා හැදුවොත් රටට හෙණ ගැහුව වගේ තියේවි

අරගලයට කොටු වෙලා ව්‍යවස්ථා හැදුවො...

Read More

හදිසි දුරකථන අංක

බලන්න...

Read More