විදුහල්පතිවරයාගේ හැසිරීම හේතුවෙන් මානසික ආතතියට ලක්ව සිටින තම සහෝදරයා

විදුහල්පතිවරයාගේ හැසිරීම හේතුවෙන් මානසික ආතතියට ලක්ව සිටින තම සහෝදරයා

මඩකලපුව, තාමරෛකේණි අංක 30/3 දරන ලිපිනයෙහි පදිංචි ආර්. රවීන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ  විදුහල්පතිවරයාගේ හැසිරීම හේතුවෙන් තම සහෝදරයා මානසික ආතතියට ලක්ව සිටින බවයි.

ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ සිත්තාණ්ඩි මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව ය.

එහි ‘ විදුහල්පතිවරයා මගෙ සහෝදරයාට නිතරම විවිධ ආකාරයේ වැඩ පවරනවා; වොරු චෝදනා නගනවා; එනිසා ඔහු මානසික ආතතියට ලක්වෙලා’ යනුවෙන් සඳහන් කර ඇත.

තමන් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධාක්ෂවරයාට පැමිණිලි කළ බව පවසන රවීන්ද්‍රන් මහතා මෙම අසාධාරණයට හේතුව පුද්ගලිකව පලිගැනීමේ චේතනාව, පරිපාලන දුර්වලතා සහ දේශපාලන ප්‍රතිපත්ති බව ද සඳහන් කළේය.

වෙනුවෙන් ඉදිරිපත් වු අයියා – මඩකලපුවේ රවීන්ද්‍රන්!

 

This post is also available in: English தமிழ்