ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

ශ‍්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම එකී භික්ෂූන් වහන්සේට අදාළ
වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක‍්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි.

භාෂා, සංස්කෘතික හා සමගි සන්ධාන

එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්කෘතීන් හා ආගම් සමග සංගතියෙන් ජිවත් වීම පිණිස අප පළමුවෙන් ජනතාවගේ මව් භාෂාවට ගරු කළ යුතු බව අපි විශ්වාස කරමු.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව කියවන්න. භාෂා අයිතීන්ට ගරු කිරීමට පොරොන්දුවක් දෙන්න.

“ඔබ මිනිසකුට ඔහු තේරුම් ගන්නා භාෂවකින් කතා කරන්නේ නම් එය ඔහුගේ ඔලූවට යනු ඇත. ඔබ ඔහුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් එය ඔහුගේ හදවතට යනු ඇත.”

– නෙල්සන් මැන්ඩෙලා

භාෂා හා සංස්කෘතික අනු කමිටුව

  1. ඒවා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා මූලික වන බව පිළිගනිමින් භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
  2. කුල භේදය, තරාතිරම, ආගම හා ජන වාර්ගිත්වය ආදිය හේතු කොට ගෙන වන වෙනස්කොට සැලකීමට එරෙහිව ප‍්‍රවනතාවක් ප‍්‍රවර්ධනය කිරීම.
  3. ආගම්වල හර සාරධර්ම මත අවධාරණය යොමු කරන ආගමික, අන්තර්-ආගමික හුවමාරු වැඩසටහන් හා සාකච්ඡුා දියත් කිරීම.
  4. පැරණි කලාත්මක සම්ප‍්‍රදායයන් හා සම්ප‍්‍රදායික කලා ශිල්පීන් ආරක්ෂා කිරීම.
  5. ඇගයීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා සාහිත්‍යය, දෘශ්‍ය කලාව හා ජන කලාව පිළිබඳ සාකච්ඡුාවකට මුල පිරීම.
  6. කි‍්‍රයාකාරී පුරවැසි සභාවක් සඳහා ප‍්‍රයෝජනවත් වන ලේඛන, පොත් හා පත‍්‍ර සාහිත්‍යය, චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය ඞීවීඞී ආදියෙන් යුත් කුඩා පුස්තකාලයකට මුලපිරීමට පියවර ගැනීම අරමුණු කරයි.

තරුණ කටයුතු

තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවුන්ගේ උපරිම ශක්‍යතාවට ළ`ගා වන සේ දැනුවත් කිරීම, මග පෙන්වීම හා හැඩ ගැස්වීම අවශ්‍ය ය. විශේයෙන්ම ශී‍්‍ර ලංකාවේ තරුණ ජනයා විප්ලවය හා නොඉවසීම හේතු කොට ගෙන බොහෝ සේ පීඩාවට පත්ව තිබේ. එසේ වුව ද අවබෝධය, සමගි සන්ධානය හා අභිවර්ධනය සඳහා විශාලතම විභවය රැුඳී පවතින්නේ ඔවුන්ගේ අත් තුළම ය.
තරුණ අනු කමිටුවල අරමුණ

  1. තරුණ ජනයා අතර භාෂා අයිතීන් සඳහා ගරුත්වය ප‍්‍රවර්ධනය කිරීම.
  2. තරුණ ජනයා විවේචනාත්මක හා විශ්ලේෂණාත්මක සිතීමෙහි දිරි ගැන්වීම.
  3. සංවර්ධනයෙහි තරුණ ජනයාගේ නිර්මාණාත්මක යෙදවුම් යොදා ගැනීම.
  4. සැලසුම් කිරීමේ දී හා තීරණ ගැනීමේ දී තරුණ ජනයාගෙන් යෙදවුම් ලබා ගැනීම.
  5. නිපුණතා සංවර්ධනය හා ඔවුන්ගේ නිර්මාණකත්වය විදහා දැක්වීමේ අවස්ථා සඳහා තරුණ ජනයාට අවස්ථා ලබා දීම.
  6. පාලනයෙහි තරුණ සහභාගිත්වය ප‍්‍රවර්ධනය කිරීම ය.

කාන්තා හා ළමා

ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හොඳ සමාජයක් කරා යන ගමනේ හදවතේ ඇත්තේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාව සමානත්වය යි. ළමෝ අනාගත පුරවැසියෝ වෙති. ඔවුන් රැුක බලාගත යුතු ය, ආරක්ෂා කළ යුතු ය, ඔවුන්ට මග පෙන්විය යුතු ය. ස්තී‍්‍රන් බලසතු කිරීම සඳහා හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පුරවැසි සභා කරන්නේ කුමක්දැයි බලන්න.

“අපේ ළමුන්ට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව හා ආරක්ෂා සහිතව ඉන්නට සටන් කිරීමට සමාන අවස්ථාවන්ට අයිතියක් තිබේ.

– ෂකිරා 2015 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී

කාන්තා හා ළමා අනු කමිටුවේ කාර්ය භාරය වන්නේ

  1. ළමුන්ට ආරක්ෂිත හා පී‍්‍රතිමත් ළමා කාලයක් තිබීම සහතික කිරීම.
  2. ස්තී‍්‍රන් හා ළමුන් ගමේ සමාජ සංවර්ධන කටයුතුවලට සම්බන්ධගර ගැනීම.
  3. ස්තී‍්‍රන්ගේ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
  4. ස්තී‍්‍රන් හා ළමුන් විසින් කරනු ලබන අත්කම්/ගෘහ කර්මාන්ත/කලා දිරි ගැන්වීම හා ප‍්‍රවර්ධනය කිරීම.
  5. නිදහස් පෝෂණ, කායික හා මානසික සායන සංවිධානය කිරීම හා ස්තී‍්‍රන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හා ළමුන් සඳහා නීති උපදෙස් ලබා දීම ය.

පරිසර

පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ දේශපාලන බලවේග අවබෝධකර ගැනීම හා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආණ්ඩු නියාමනය කිරීමෙහි හා වගවීමෙහි රඳවා ගැනීම අවශ්‍ය ය. පරිසර යුක්තිය මානව හිමිකම්වල වෙන් කළ නොහැකි කොටසක් ලෙස දිරි ගැන්විය යුතු ය.

“අවසන් ගස කපා දමනු ලැබූ විටෙක , අවසන් මාළුවා මරා ගනු ලැබූ විටක හා අවසන් ග`ගට වස දමනු ලැබූ විටක, එවිට ඔබට මුදල් කන්නට නොහැකි බව දක්නට ලැබෙනු ඇත.”
― නායක සියැට්ල්

පරිසර අනු කමිටුවල අරමුණ

  1. කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ව්‍යාපෘතිවල ප‍්‍රගතියේ චිරස්ථායීභාවය පිළිබඳ දැනුම ව්‍යාප්ත කිරීම.
  2. යෝග්‍ය කෘෂිකාර්මික ක‍්‍රමවේදයන්ට අවධානය යෙදීම.
  3. කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි හානිකර අතුරු ප‍්‍රතිවිපාක අඩුකරමින් හා විකල්ප හඳුනා ගනිමින් කාබනික ගොවිතැන ප‍්‍රවර්ධනය කිරීම.
  4. දේශීය ඖෂධ ශාක, අවේණික බීජ හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම.
  5. පතල් හෑරීම, වැලි ගොඩ දැමීම, කසල ඉවතලීම, කැලෑ ගිනි තැබීම හා කැපීම පිළිබඳ අවධානයෙන් සිටිමින් පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
  6. ගමේ පරිසර යුක්තිය නියාමනය කිරීම හා සහතික කිරීම ය.

යහ පාලනය

ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සහතිකකර ගනු පිණිස හා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත්කර ගනු පිණිස පුරවැසියන් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවශ්‍ය ය.
පුරවැසි සභාවල යහ පාලන අනුකමිටුවල කාර්ය භාරය පහත සඳහන් පරිදි ය:

  1. ජනතාවට සේවය කරන ආයතනවල නිදසුන් ලෙස පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම්, පවුල් සෞඛ්‍ය සේවාව, ග‍්‍රාම නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, වතු අධිකාරී, ධීවර සමාජ, ස්තී‍්‍ර සංවිධාන, මරණාධාර සමිති, ති‍්‍රරෝද රථ සංගම්, ආගමික සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පළාත් පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව යන ඒවායේ කාර්ය භාරය පිළිබඳව තොරතුරු සැපයීම.
  2. මෙම ආයතන ප‍්‍රශ්න කිරීමට තිබෙන ඔහුගේ/ඇයගේ අයිතිය පිළිබඳව  පුරවැසියාට අධ්‍යාපනය දීම.
  3. මේවායේ සේවා සැපයුමේ දී කළ හැකි විවිධ වැඩි දියුණු කිරීම් පිළිබඳව සාකච්ඡුාවකට මුල පිරීම හා අවශ්‍ය ආරම්භය ගැනීම ය.

2013 අංක 3 දරන ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත

2013 අංක 3 දරන ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම
මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත

2011 අංක 41 දරන ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත

2005 අංක 25 දරන ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ
සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

2013 අංක 33 දරන ක‍්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත

ක‍්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි
ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම පිණිස දථ
උත්තේජක ද්‍රව්‍ය මර්දන නියෝජ්‍යායතනයක් ශ‍්‍රී ලංකාව
තුළ පිහිටුවීම මගින් එකී සම්මුතිය ශ‍්‍රී ලංකාව තුළ
ක‍්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස
සහ ඉහත කී සම්මුති රාමුව තුළ ක‍්‍රීඩාවල යෙදීමේ දී
උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිවීම සඳහා අදාළ දේශීය
නීතිමය යාන්ත‍්‍රනයක් නිශ්චිතවම සඳහන් කිරීම පිණිස
දථ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා
සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR)

2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR)

පරිපාලනය හා දෛනික ජීවිතය

ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට යන විට අයෙකුට තමන්ගේම භාෂාවෙන් ආමන්ත්රණය කළ හැකි නිලධාරියෙකුගේ අඩුව නිසා උද්ගතවන ග්රාම නිලධාරීන් ඔවුන්ගේ කොට්ඨාසයේ ජනතාව කතා කරන භාෂාව නොදැන සිටීම ඇතුළු බොහෝ ප්රශ්න ආණ්ඩුවේ නිලධාරීන් අතර පවතී.

පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, ආණ්ඩුවේ රෝහලක දී සෞඛ්ය සත්කාර ලබා ගැනීම, වන්දි හෝ විශ්රාම වැටුප් සඳහා අයදුම් කිරීම, බලපත්ර ලබා ගැනීම, උප්පැන්නයක්, මරණයක් හෝ විවාහයක් ලියා පදිංචි කිරීම හෝ යාම් ඊම්වල සිට තිබෙන දෛනික කි්රයා පටිපාටි සිංහල නොදන්නා ඕනෑම ශී්ර ලාංකිකයෙකු සිත් කලකිරීමේ අත්දැකීමට මුහුණ දීමට සලස්වයි.

තොරතුරු වෙත ප්රවේශය

තොරතුරු ප්රදර්ශක – ආණ්ඩුවේ ආයතන විශේෂයෙන් ද්විභාෂීය ප්රදේශවල සියලූම සංඥා පුවරු, වීදි නාම පුවරු හා නිල ලියවිලි භාෂා තුනෙන්ම තිබිය යුතු යයි පිළි ගන්නේ වුව ද භූමියේ යථාර්ථය වනුයේ ආණ්ඩුවේ ආයතන ගණනාවක්ම එවැනි නාම පුවරු ප්රදර්ශනය කරන්නේ හෝ නිල ලියවිලි භාෂා තුනෙන්ම සපයනු ලබන්නේ හෝ නැති බව ය. නිදසුන් ලෙස කොළඹ දිස්ති්රක්කයේ තිඹිරිගස්යාය හා කොටහේන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙම ප්රතිපත්තිය පිළිගත හැකි කවර හෝ ප්රමාණයකට කි්රයාත්මක නොකරයි. ප්රතිඵල වශයෙන් සිදු වන්නේ සුළුතර ප්රජාවේ ජන කොටස්වලට උප්පැන්න, මරණ හා විවාහ සහතික වැනි ඔවුන්ගේ සමහර ඉතාමත්ම අත්යවශ්ය ලියවිලි ඔවුන්ගේ නොවන භාෂාවකින් ලැබීම ය.

නිෂ්පාදන තොරතුරු- ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ උල්ලංඝනයන්:
භාවිතයේ දී භාෂා අයිතිවාසිකම්වල බරපතල උල්ලංඝනයන් සිදු කෙරෙන තවත් ක්ෂේත්රයක් පවතින්නේ ඖෂධ, උපකරණ හා අනෙකුත් බෙහෙත් වර්ග සියල්ලම වාගේ වර්තමානයේ ඉංගී්රසියෙන් පමණක් ලේබල්කර තිබෙන ඖෂධ කර්මාන්තය ඇතුළත ය. රටේ බහුතරය තනන සිංහල හා දමිළ පාරිභෝගිකයින්ට ඔවුන් ඖෂධ මිළ දී ගන්නා විට ප්රමාණයන්, ගන්නා මාත්රාවන්, අතුරු ආබාධ, වෙනත් විකල්ප වර්ග හෝ රෝගීන්ට හා සත්කාරකයින්ට අවශ්ය අදාළ වෙනත් තොරතුරු පිළිබඳ අදහසක් නොමැත. මෙහි දී විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ආණ්ඩුවේ රෝහල්වල ඇතම් වෛද්යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලත් දමිළ කතා නොකිරීම අපහසුතාව තවත් වැඩි කරයි. එහෙයින් ඒ වනවිටත් අනාරක්ෂිත, රෝගය හෝ තුවාල හේතු කොට ගෙන වේදනාවෙන් හා බියෙන් ඉන්නා පුද්ගලයෙකුට බෙහෙත් වර්ග පිළිබඳ අයෝග්ය තොරතුරු සමග කටයුතු කරන්නට සිදුවීම තවත් අභාග්යයක් වෙයි.

අධ්යාපනය වෙත ප්රවේශය

ශී්ර ලංකාවේ රාජ්ය අධ්යාපන ක්රමයට යටත් විජිත කාලයේ සිට පවා සිංහල හා දමිළ යන භාෂා දෙකෙන්ම ඉගැන්වීම ඇතුළත් කරනු ලැබ තිබේ. කෙසේ වුව ද භාවිතයේ දී බොහෝ ප්රදේශවල අදාළ භාෂාව ඉගැන්වීම සඳහා පාසල් ගුරුවරුන් නොමැත. කලාපීය අධ්යාපන කාර්යාල විසින් ලියුම් නිකුත් කරනු ලබන්නේ සිංහලෙන් පමණි. පරිවර්තන යවන්නේ බොහෝ ප්රමාදවී ය. බොහෝ විට යම් ප්රයෝජනයක් ගැනීමට බොහෝ ප්රමාද ය. කොළඹ වැනි ද්වි භාෂා ප්රදේශවල පාසල්වල ශිෂ්ය රැුස්වීම් පවත්වනු ලබන්නේ සිංහලෙන් පමණි. පාසල් ළමුන්ට බොහෝ විට නිල පරිවර්තන ලබා ගත නොහැක. දෙමාපියන්ට ඔවුන්ගේ පාසලෙන් කවර හෝ සන්දේශනයක් යවනු ලබන්නේ සිංහලෙනි. සිංහල කතා කරන්නට නොහැකි නිසා සමහර අවස්ථාවල දෙමාපියන්ට පාසල් පරිශ්රයන්ට ඇතුළු වීමට පවා නොහැකි ය. විශ්වවිද්යාල සමහර පාඨමාලා පවත් වන්නේ ඉංගී්රසියෙන් හා සිංහලෙන් පමණි. එලෙස අධ්යාපනයට සමාන ප්රවේශය සඳහා සුළුතර ජනයාට ඇති අයිතිය උල්ලංඝනය කෙරේ.

යුක්තිය වෙත ප්‍රවේශය

චූදිතයෙකුට අධිකරණ කි්රයාවලියේ කවර හෝ අදියරක දී ඔහුට/ඇයට ඔහුගේ/ඇයගේ මව් භාෂාවෙන් විත්තිවාචනය කිරීමට නොහැකි නම් හා සාවද්ය පරිවර්තන මත රඳා පවතින්නට බල කරනු ලබන්නේ නම් එහිදී යුක්තිය ඉටු කිරීමේ බරපතල අවගමනයක් පැන නගියි. සම්මුඛ සාකච්ඡුාවල දී දැන ගන්නට ලැබුණු පරිදි අනෙක් ප්රශ්න අතර ප්රශ්නයක් වනුයේ පොලිස් ස්ථානවල දී දමිළ පුරවැසියන් කරන ලද පැමිණිලි සිංහලෙන් ලියා ගනු ලැබීම හා අනතුරුව පැමිණිලිකරුවන්ට මෙම කටඋත්තරවලට අත්සන් කරන්නට කියනු ලැබීම ය (වවුනියාව, ති්රකුණාමලය, මන්නාරම හා අම්පාර*. නැගෙනහිර පළාතේ දමිළ පුරවැසියන්ට සිතාසි ලැබෙන්නේ සිංහලෙනි. එසේම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල නඩු ඇසීම කරනු ලබන්නේ සිංහලෙන් පමණි.