මූල්‍ය චෝදනාවක් සම්බන්ධ පලි ගැනීමේදී මානව හිමිකම් කඩවීම!

මූල්‍ය චෝදනාවක් සම්බන්ධ පලි ගැනීමේදී මානව හිමිකම් කඩවීම!

2011දී බැංකුවක් මගින් ක්‍රියාත්මක කරන ලද සහන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවුරුදු දහයකට පසුව සිදු කර ඇති පැමිණිල්ලක් මුල් කර ගනිමින් තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව යහපානය, උඩුප්පිට්ටි, 15 වැනි සැතපුම් කණුව, උමා භවනම් හි පදිංචි ජාත්‍යන්තර ජනමාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන රත්නම් තයාබරන් මහතා (50) මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයාට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන්වන විස්තර එහි ඊට කර තිබේ.

2021 අවුරුද්දේ මුල් භාගයේ දී වඩුකෝට්ටේ පොලිස් ස්ථානයේ සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව රත්නම් තයාබරන් සහ සහෝදර මාධ්‍යවේදී ටී.විනෝජිත් ඇතුළු පිරිසගෙන් කටඋත්තර ලබාගෙන තිබුණි. තත්වය එසේ තිබියදී, 2022 ජනවාරි මස ඔහුව අත්අඩංගුවට ගැනීමේ පිබුරුපත් සැකසුනු අතර, මල්ලාකම් අධිකරණයෙන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව අපේකිෂිත ඇප ලබාගැනීමෙන් අනතුරුව ගුවන් බලපත්‍රය ද ආපසු ලබාදී රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැර ඇත.

අවුරුදු 11 කට පෙර සිදුවූ සිද්ධියක් මුල් කර ගනිමින් 2022 ජනවාරි 16 වැනි දින නැවතත් මාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම හරහා තමාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත්, දේශපාලන ප්‍රතිපත්තිය ඊට හේතුවී තිබෙන බවත් තයාබරන් මහතාගේ පැමිණිල්ලෙහි සඳහන්. චෝදනාව ඔප්පු කිරීම සඳහා ඇසින් දුටු සාක්ෂිකරුවන් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් කොට ඇති ඔහු අධිකරණයේ තහනම් නියෝගය, කට උත්තරය සහ පැමිණිල්ල ඊට අදාළ ලේඛන සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර සිටී.

වසර 2000 සිට ජනමාධ්‍ය තම වෘත්තීය කරගත් තයාබරන් මහතා සඳහන් කර ඇත්තේ මෙය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවයි. මූල්‍ය වැරදි සම්බන්ධ චෝදනා අවුරුදු දෙකක් ඇතුළත විමර්ශනය කොට අවසන් කළ යුතු බවට පනතේ සඳහන් වුව ද, පොලිසිය නැවතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම තමාටත් සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත් කරන තර්ජනයක් බවද ඔහු සඳහන් කළේ ය.

මෙම සිද්ධියේ පසුබිම ගැන අදහස් හුවමාරු කරමින් තයාබරන් මහතා කියා සිටියේ, 2011 දී අක්ෂි ශල්‍යකර්මයක් සඳහා තමාගේ දියණිය ඉන්දියාවට රැගෙන යාමට අවශ්‍ය ගුවන් ටිකට් පත් මිලදි ගැනීම සඳහා රුපියල් 37000 ක් අවශ්‍ය යැයි පවසමින් උපකාර පතා පැමිණි, වන්නියේ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් එම ප්‍රවෘත්තිය මානුෂීයව සලකා බලා ජනමාධ්‍ය තුළ පළ කළ නිසා ඔහුට හැත්තෑපන් ලක්ෂයක මුදලක් ලැබුණා. එම මුදල ලබා ගත් එකී තැනැත්තා මුදල් අවභාවිත කරන බවට ඔහුගේ බිරිඳගෙන් ලද පැමිණිල්ලට අනුව මාධ්‍ය නියෝජිතයින් ඔහුගෙන් ඉල්ලා සිටියා දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන් සඳහා පහළොස් ලක්ෂයක මුදලක් ලබා දෙන කියලා. ඔහු එම මුදල ලබා දුන් අතර ජනමාධ්‍ය තුළ ද එය ප්‍රවෘත්තියක් වශයෙන් පළ කර තිබුණා. මේ අතර පසුගිය 2016-2017 වකවානු තුළ නැවතත් ඹහු තමාගේ දියණියට උපකාර අවශ්‍ය බව පවසමින් එය ප්‍රවෘත්තියක් වශයෙන් මාධ්‍ය තුළ පලකරන ලෙස ඉල්ලා සිටි නමුත්, ඒ වනවිටත් ඔහු ප්‍රෝඩාවක් සිදුකරන බව දැනගත් මාධ්‍යයය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එම නිසා කෝපයට පත් ඔහු ආරක්ෂක අංශවල සහාය ඇතිව ජනමාධ්‍යයට සහ මාධ්‍ය කරුවන්ට එරෙහිව කටයුතු කිරීමට පෙළඹුණු බව යි.

මෙලෙස තමාව අක්‍රිය කිරීමෙන් යාපනයේ මාධ්‍ය මධ්‍යස්ථානය සහ සමස්ත මාධ්‍යවේදීන්ට තර්ජනයක් එල්ල කළ හැකි බවට ඔහු උපකල්පනය කරන බව සඳහන් කළ තයාබරන් මහතා, ආරක්ෂක අංශ ද මෙම සිද්ධිය අවියක් කරගෙන ඇතැයි කියා සිටී. මෙය සහමුලින්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි පැවසූ ඔහු ආරක්ෂක අංශවල අනුබලයක් නොමැතිව මෙවැන්නක් සිදු කිරීම අසීරු බව ද සඳහන් කළේය.

 

 

 

 

 

 

 

 

This post is also available in: English தமிழ்