සිවිල් සමාජ ක්‍රියාකාරීන් බියවද්දා අඩපණ කිරීමට ආරක්ෂක අංශ උත්සහ කරයි!

සිවිල් සමාජ ක්‍රියාකාරීන් බියවද්දා අඩපණ කිරීමට ආරක්ෂක අංශ උත්සහ කරයි!

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට (එල්.ටී.ටී.ඊ.) සම්බන්ධ කරමින් තමන්ව අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ඇති බව පවසමි මඩකලපුව දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සංසදයේ සභාපති එස්.සිවයෝගනාදන් මහතා (52) විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මඩකලපුව, තිරායිමඩු, 4 වන හරස් වීදිය, අංක 141/ 03 දරන ලිපිනයෙහි පදිංචි ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මඩකලපුව ත්‍රස්තවාදය වැලැක්වීමේ අංශ භාර නිලධාරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මඩකලපුව කොට්ඨාසය භාර නිලධාරීයාට එරෙහිවය.

මානව හිමිකම් කඩවීම ගැන පවසමින් ඔහු කියා සිටියේ,

‘පසුගිය වසරක කාලය තුළ ත්‍රස්තවාදය වැලැක්වීමේ ඒකකයෙන් තෙවරක් ද, අපරාධ විමර්ශන අංශයෙන් දෙවතාවක් ද, පොලිසිය විසින් (මඩකලපුව හා තිරුකෝවිල්) දෙවතාවක් ද දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වුනා. මම මේ රටේ නීතියට අනුව කිසිම අපරාධයකට සම්බන්ධ වෙලා නැහැ. කෙසේ වෙතත්, තහනම් කරන ලද (එල්ටීටීඊ) ට  සම්බන්ධ කරමින් මාව ප්‍රශ්න කරනවා. මගේ නිවසේ සහ ඔවුන්ගේ කාර්යාලවල මානව හිමිකම් කඩවීම් සිදුවුණා. මේක මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක්’ බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පොතුවිල් අධිකරනයෙන් විමර්ශන සිදුකරන බවත් ජාතිය සහ දේශපාලන ප්‍රතිපත්ති මෙවැනි අඩන්තේට්ටම්වලට සහ මානව හිමිකම් කඩ කිරීමට හේතු වූ බවයි.

මෙම මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ ලේඛන සාක්ෂි ඇති බව ඔහු පැවසීය.

තමාට සාධාරණය ඉටුවිය යුතු බවත්, මෙම අසත්‍ය චෝදනාවලින් නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටී.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සමාජ ක්‍රියාකාරිකයෙකු වන තමන්ගේ කටයුතු මෙවැනි මර්ධනකාරී පිළිවෙත් මෙන්ම හිංසනයන් මගින් නවතා දැමීමට රජය උත්සාහ දරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තව ද, ආරක්ෂක අංශ එල්ල කරන මෙවැනි තර්ජන හේතුවෙන් තමන් මානසික ආතතියට ලක් ව ඇති බව අවධාරණය කළ සිවයෝගනාදන් මහතා, එමගින් තමන්ගේ කටයුතු සීමා වී ඇති බව ද පවසයි

සිවිල් සමාජ ක්‍රියාකාරික සිවයෝගනාදන්

 

This post is also available in: English தமிழ்