භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝනය වේ!

භාෂා ගැටලුව නිසා  මානව හිහිකම් උල්ලංඝනය වේ!

සහෝදර භාෂාව කතා කරන අය නිසා මානව හිහිකම් උල්ලංඝනය වන බව පවසමින් මාධ්‍යවේදි ජෝස‍ෆ් නයන් මහතා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

මන්නාරම, ශාන්තිපුරම්, අංක 82 යන ලිපිනයෙහි පදිංචි මාධ්‍යවේදී ජෝසෆ් නයන් මහතා (27) ඉකුත් 2022 මාර්තු මස 10 වැනි දින එම පැමිණිල්ල සිදුකරමින් කියා සිටින්නේ, මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන වන සම්පත් දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලවල සේවය කරන බලධාරීන් සහෝදර භාෂාවෙන් වැඩ කිරීම නිසා සන්නිවේදන ගැටලු මතු වී ඇති බවයි.

එම නිසා මානව හිහිකම් උල්ලංඝනය වී ඇති බව පවසන ඔහු, 2021 -2022 වකවානුව තුළ එය සිදු වූ බවත් භාෂා ගැටලු, පරිපාලන දුර්වලතා සහ භාෂා ප්‍රතිපත්තිය වැනි කරුණු ඊට හේතු වූ බවත් සඳහන් කළේ ය.

එකී පැමිණිල්ලෙන් ජෝසෆ් නයන් මහතා ඉල්ලා සිටින්නේ ආයතන සියල්ල භාෂා අයිතිය තහවුරු කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ දමිළ භාෂාව ක්‍රියාවට නැංවීම පොදු ගැටලුවක් වී ඇති වාතාවරණයක් තුළ, බහුතරයක් දමිළ ජනතාව ජීවත්වන උතුර සහ නැගෙනහිර පළාත්වල සහෝදර භාෂාව කතා කරන රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු නිසා මෙම ගැටලුව උග්‍ර වී ඇත. දෙපාර්තමේන්තුවල ඉහළ බලධාරීන් සහෝදර භාෂාවෙන් වැඩ කරන නිසා දමිළ භාෂාවෙන් පමණක් ගනුදෙනු කළ හැකි අයට ඔවුන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, එනිසාම ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ වූ අවස්ථා ද නැතුවා නොවේ. මෙයට පිළියමක් වශයෙන් ආණ්ඩුව සිංහල රාජ්‍ය සේවකයන්ගේ දමිළ භාෂා දැණුම වර්ධනය කිරීමටත්, දමිල රාජ්‍ය සේවකයන්ගේ සිංහල භාෂා දැනුම වර්ධනය කිරීමටත් කටයුතු කළේය.

දමිල ජනතාව බහුලව ජීවත්වන පළාත්වල සේවය කිරීම සඳහා දමිල භාෂාවෙන් වැඩ කළ හැකි නිලධාරින් පත් කිරීමෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන අතර රජයේ විසින් දියත් කරනු ලබන ව්‍යාපෘති වෙනසකින් තොරව ජනතාවට සමීප කළ හැකි ය. මෙවැනි වැඩපිළිවෙළක් දියත් කිරීමෙන් මානව හිහිකම් කඩවීම වළක්වා ගැනීමට අවස්ථාව සැලසේ.

– මාධ්‍යවේදී ජෝසෆ් නයන් මහතා

This post is also available in: English தமிழ்

More News

වැලි ගොඩදැමීමේ පුවත වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීම!

වැලි ගොඩදැමීමේ පුවත වාර්තා කිරීම නිස...

Read More