නැවත පදිංචි වූ ජනතාවට මූලික පහසුකම් අවශ්‍යයි!

නැවත පදිංචි වූ ජනතාවට මූලික පහසුකම් අවශ්‍යයි!

වව්නියාව කන්ජිරමෝට්ටෛ උතුරුට අයත් ගම්මානයක නැවත පදිංචි වු ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතික බව නවරත්නම් කබිලන් මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටී.

වවුනියාව, යාපනය පාර, එස්.යෝ.පටුමග අංක 10 යන ලිපිනනයෙහි පදිංචි ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ වන සම්පත් දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් වන සම්පත් නිලධාරී සහ වවුනියාව වන සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට එරෙහිව ය.

වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්ජිරමෝට්ටෛ ගම්වාසීන්ට පහසුකම්වල අඩුවක් නොතිබුනත්, යුද්ධයත් සමග අවතැන් වු ඹවුහු වෙනත් ප්‍රදේශවල ජීවත් වූහ. යුද්ධය අවසන් වීමෙන් පසු ඔවුන් නැවත පදිංචි වූයේ වන සම්පත් දෙපාර්තමේන්තුවේ විරෝධය මැදය. එහෙත් ඹවුන්ට මූලික පහසුකම් සපයා ගනිමින් ජීවත් වීමට අවසර නොලැබිණි. මේ තත්ත්වය තුළ විදුලිය ලබා ගැනීමට නොහැකිව ඹවුන් අපහසුතාවට ලක් වී ඇති බවත්,  මේ දක්වා පදිංචිය ‍සනාථ කරන ලිපි ලේඛන ලබා නොදී ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බවත් කබිලන් සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

2018 සිට මෙම ප්‍රදේශයේ ජනතාවට එරෙහිව සිදුවන මෙම මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ජනතාව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කර ඇතත්, ඹවුන්  මේ දක්වා ඉඩම් ලියකියවිලි නොමැතිව ජීවත්වන බවද ඔහු පවසයි.

ජාතිය සහ දේශපාලන ප්‍රතිපත්තීන් වැනි හේතුන් මත රජයේ නිලධාරීන් විසින් මෙම ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරමින් සිටින බව පෙන්වා දෙන කබිලන් මහතා, මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ එම ජනතාව තවදුරටත් එහි ජීවත් වීමට අවසර දෙන ලෙස වන සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිම සහ ඉඩම් සම්බන්ධ ලේඛන ලබා දීමට මැදිහත් වන ලෙසය.

වන සම්පත් දෙපාර්තමේන්තුවේ බලධාරීන් වාර්ගිකව වෙනස්කොට සැලකීම ප්‍රදේශයේ ජනතාවගේ දැඩි නොසතුටට හේතු වී ඇත. ඹවුන්ගේ පාරම්පරික ඉඩම්වල නැවත පදිංචි කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා නිසා වාර්ගික බෙදීම් සහ අඛණ්ඩව සිදුවන මානව හිමිකම් කඩවීම් හේතුවෙන් හිතකර නොවන පරිසරයක් නිර්මාණය විය හැකි බවට පොදු මතයක් පවතින්නේ ය.

නවරත්නම් කබිලන්

This post is also available in: English தமிழ்

More News

සාම විමර්ශී

13 වෙනි වැළුම 02 වෙනි කලාපය / 2016 දෙසැම්බර් ...

Read More

සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආරක්ෂාව ලබා දෙන්න!

සමාජ සේවයේදී පිරිමින්ගෙන් හිරිහැර ආ...

Read More

මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ ටිකට්පත් නිකුත් කරන්නා!

මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ ටිකට්පත් න...

Read More

ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තාව 2017

ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තාව 2...

Read More