තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත භාවිත කරන මාධ්‍යවේදීන්ව සිය එදිරිවාදීන් කොට සලකන රාජ්‍ය නිලධාරීන්!

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත භාවිත කරන මාධ්‍යවේදීන්ව සිය එදිරිවාදීන් කොට සලකන රාජ්‍ය නිලධාරීන්!

ආන්ඩුවේ බලධාරීන්ට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත භාවිත කරන මාධ්‍යවේදීන් ඔවුන්ගේ හතුරන් ය. එම පනත හරහා කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමට උත්සුක වූ අවස්ථාවේදී තමන් ගැටලුවලට මුහුණ දුන් බවත්, එහිදී රාජ්‍ය නිලධාරීන් විසින් තම මානව හිමිකම් උල්ලංඝනය කරන ලද බවත් පවසමින් යාපනය, කෝපායි, කෝපායි මධ්‍යම යන ලිපිනයේ පදිංචි මාධ්‍යවේදී කුමාරස්වාමි සෙල්වකුමාර් මහතා (48) පසුගිය 2022 මාර්තු 7 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

ඔහු එම පැමිණිල්ල කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් සුභාශිනි මදිඅලගන් සහ කෝපායි සමෘද්ධි සංවර්ධන නිලධාරී ඇන්තනි යන අයට එරෙහිවයි.

තොරතුරු දැනගැනීමේ පනත හරහා සිදු කරනු ලැබූ ඉල්ලීමක් සම්බන්ධයෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වූ බව ඔහු තම පැමිණිල්ලෙහි සඳහන් කොට ඇත. බලධාරීන් විසින් කාර්යාල නිලධාරීන් යොදවා ගනිමින් තමන්ට තර්ජන එල්ල කළ බවත් මුහුණු පොතෙහි සාවද්‍ය කරුණු පළ කර ඇති බවත් පවසන සෙල්වකුමාර් මහතා එම කාර්යාලයේ කාර්ය සහයක විසින් තම බිරිඳට ද, පාරේ ගමන් කරන විට තමන්ට ද බොහෝ අවස්ථාවල තර්ජන කර ඇති බව ද තවදුරටත් සඳහන් කළේය

එකී පැමිණිල්ලෙහි ඇසින් දුටු සාක්ෂිකරුවෙක් සහ ලේඛන සාක්ෂි වශයෙන් මුහුණු පොත් සටහන් ද ඇතුළත් කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත අනුව රාජ්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලීමේ දී, මාධ්‍යවේදීන් සිය එදිරිවාදීන් යයි සලකමින් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ට විවිධ බලපෑම් සහ තර්ජන එල්ල කරන බව ඔහු පවසයි. තව ද, රාජ්‍ය නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ඒ පිළිබඳ කරුණු අනාවරණය කර ගන්නවා කාර්යාල කාර්ය සහයකයින් අදාළ පාර්ශව වෙත තාඩන පීඩන එල්ල කරන බව පවසන සෙල්වකුමාර් මහතා, කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය සහයක තමන්ට තර්ජනය කළේ එවැනි වටපිටාවක් තුළ බව පෙන්වා දුන්නේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත භාවිත කරමින් රාජ්‍ය ආයතනවල සිදුවන වංචා සහ දූෂණ සමාජයට නිරාවරණය කළ මාධ්‍යවේදීන් අතර සෙල්වකුමාර් මහතාට සුවිශේෂී තැනක් හිමිවේ. ඔහු එලෙස අනාවරණය කරගත් තොරතුරු මුහුණු පොත හරහා සමාජයට මුදා හැර ඇත. එහෙත්, මේ වන විට තමාගේ ගිණුම අවහිර කර ඇති බවත් තමාට සුපුරුදු ලෙස මුහුණු පොත ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය ආයතනවල සිදුකරන වංචා, දූෂණ සහ අවභාවිතයන් පිලිබඳ තොරතුරු මෙම පනත හරහා අනාවරණය කිරීම රාජ්‍ය ආයතනවලටත් නිලධාරීන්ටත් මහත් හිසරදයක් බවට පත්ව ඇති හෙයින් එම කාර්යයෙහි නිරත වන මාධ්‍යවේදීන් විවිධ අයුරින් ඉලක්ක කරගනිමින් කටයුතු සිද්ධ වන බවත්, පනතට අනුව ලබාගත් තොරතුරු හෙළි කරන සෑම අවස්ථාවකදීම තමන් එම ඉරණමට ගොදුරු වන බවත්, කෝපායි සිදුවීම මේ සිදුවීම් පෙළෙහි ආසන්නතම සිදුවීම බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ය.

This post is also available in: English தமிழ்