මුහුණු පොතේ ප්‍රභාකරන්ගේ ඡායාරුපය පළ කිරීම නිසා අත්අඩංගුවට

මුහුණු පොතේ ප්‍රභාකරන්ගේ ඡායාරුපය පළ කිරීම නිසා අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් මුහුණුපොතේ පළකළ බවට චෝදනා කරමින් වාකරේ පදිංචි කේ.විජයදාස යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වාකරේ පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇතැයි පවසන මඩකලපුව මාධ්‍යවේදී දේව අදිරන් මහතා මෙම පැමිණිල්ල කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ ආරක්ෂක අමාත්‍යාංශයට එරෙහිව ය.

අත්අඩංගුවට ගැනීම 2020 නොවැම්බර් 11 දින සිදු වූ අතර ජාතිය සහ දේශපාලන ප්‍රතිපත්ති ඊට හේතු වී ඇත.

පුද්ගල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලපාන මෙවැනි සිදුවීම් ආරක්ෂක අංශ විසින් සූක්ෂම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන්ම, මහවිරු දිනය යෙදෙන නොවැම්බර් මාසයේදී උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මෙවැනි අත්අඩංගුවට ගැනීම් බහුලව සිදුවේ. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ මෙවැනි පුද්ගල අයිතීන් උල්ලංඝනය වන අයුරින් ආරක්ෂක අංශ ක්‍රියා කිරීම අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර මෙලෙස ආරක්‍ෂක අංශ විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් දිගින් දිගටම නිරීක්‍ෂණය කරනු ලැබීම  රට තුළ නිදහස කොතෙක්‌ දුරට තිබේද යන්න ප්‍රශ්න කිරීමකට ලක් කරයි.

රාජ්‍ය විසින් තහනම් කරන ලද සංවිධානයකට යළි පණ දීමේ ක්‍රියාවක් බව හුවා දක්වමින් අහිංසක සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන්ට තර්ජන කිරීමත් ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමස්තයක් වශයෙන් දැඩි ලෙස මානව හිමිකම් කඩකිරීමක් වන අතර යම් ජාතියක් පමණක් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා නතර කිරීම ද අවශ්‍ය වේ.

මාධ්‍යවේදී දේව අදිරන්

This post is also available in: English தமிழ்

More News

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!

අත්පත් කර ගත් ගොවිබිම් නැවත ලබා දෙන්න!...

Read More

වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා අත්විඳින මහජනතාව !

වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා...

Read More

අබායා ඇදුම හේතුවෙන් පාසල අහිමිවු ෆාතිමා ෆක්මිතා රමීෂ්

අබායා ඇදුම හේතුවෙන් පාසල අහිමිවු ෆාත...

Read More

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම...

Read More